නාමල් කුමාර යළි රක්ෂිත බන්ධනාගාරයට

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 18-12-2019 | 5:14 PM

COLOMBO ( News 1st ) - දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර අද හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

මොහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ, හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ කළහකාරී සිද්ධියක් සම්බන්ධයෙනි. අදාළ සිදුවීම්වලට සම්බන්ධ වූ බවට සැකපිට වැල්ලවත්ත පොලීසිය වරකාපොලදී නාමල් කුමාර අත්තඩංගුවට ගත්තේ ය. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව රැඳවුම් නියෝග යටතේ ඔහුව මාස 7කට ආසන්න කාලයක් රඳවාගෙන පරීක්ෂණ සිදු කර තිබුණි.