by Staff writer 18-12-2019 | 10:23 PM
COLOMBO ( News 1st ) - ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා අද වැඩ බාරගත්තේ ය.
අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ඔහු සිය ධුරයෙහි රාජකාරී ආරම්භ කළේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැදයි.
චන්ද්‍රසිරි මහතා මීට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේ ය.
මේ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ජනාධිපතිවරයාගේ විදේශ සබඳතා පිළිබඳ අතිරේක ලේකම්වරයා ලෙස පත්කර තිබේ.