ක්‍රිකට් තරග පාවාදීමට උත්සාහ කළ කිහිපදෙනෙකු දැලේ

ක්‍රිකට් තරග මුදලට පාවාදීමට උත්සාහ කළ තැරැව්කරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 18-12-2019 | 11:47 AM

News 1st - නිමාවට පත් වූ කටාර් ලීග් පන්දුවාර 10 යි 10 ක්‍රිකට් තරගාවලිය තුළදී මුදලට තරග පාවාදීමට උත්සහ කළ තැරැව්කරුවන් කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

මෙම තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග ඒ ඔස්සේ නව පරීක්ෂණ කිහිපයක් ආරම්භ කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. ඔවුන් නිවේදනය කරන්නේ, මීට වසරකට පෙර ICC යේ අනුමත ලත් මෙම තරගාවලිය පසුගිය 7 වන දා ආරම්භ කිරීමට පෙර කණ්ඩායම්වල ක්ෂණික වෙනස්වීම් රාශියක් දක්නට ලැබුණු බවයි. ඒ පිළිබඳව නිරීක්ෂණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු කටාර් රාජ්‍යයේ රඳවා තැබූ බව ද ICC නිවේදනය කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලේක්ස් මාෂල් මහතා සඳහන් කරන්නේ, මීට පෙර කටාර් ලීග් පන්දුවාර 10යි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ නිලධාරීන් ලබාදුන් තොරතුරු හේතුවෙන් මෙම තරගාවලියට අනුමැතිය ලබාදුන් බවයි. තරගාවලිය ආරම්භවීමට දින කිහිපයකට පෙර කණ්ඩායම් හිමිකාරීත්වය, සංවිධායකින් මෙන්ම ක්‍රීඩකයින් යන සෑම අංශයකින්ම සැලකියි යුතු වෙනස්කම් රැසක් වාර්තා වීමත් සමග මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් කටාර්හි මෙන්ම ගෝලිය වශයෙන් ක්‍රියාකාරී තැරැව්කරුවන් මෙන්ම දූෂිතයනින්ගේ සැලසුම් කඩාකප්පල් කිරීමට තම නිලධාරීන්ට හැකි වූ බව ඇලේක්ස් මාෂල් පැවසුවේ ය. ඔහු පවසන්නේ ක්‍රිකට් යනු දූෂණයෙන් තොර ක්‍රීඩාවක් බවට පත් කිරීම සඳහා ICC දූෂණ මර්දන නිලධාරීන් ගන්නා උත්සහයන් අකණ්ඩව ඉදිරියට ගෛන යන බවයි.