යුද හමුදාව යාපනයේ ඉදිකළ නිවාස සංඛ්‍යාව 700 සපුරයි

යුද හමුදාව යාපනයේ ඉදිකළ නිවාස සංඛ්‍යාව 700 සපුරයි

by Staff writer 17-12-2019 | 3:19 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීමේ ව්‍යාපෘතියේ තවත් අදියරක් අද යාපනයේ ක්‍රියාත්මක විය.

පශ්චාත් යුද සමයේ උතුරු පළාතේ සංවර්ධනයත් සමග ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ මේ වනවිට යාපනයේ දිස්ත්‍රික්කයේ පමණක් ඉදිකර ඇති නිවාස ගණන 698 කි. එම ව්‍යාපෘතිය යටතේ නිවාස 700 සපුරමින් අද තවත් නිවාස 2ක් ජනතා අයිතියට පත් කෙරුණේ යාපනය ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ය. කල්ලඩි සහ පුලෝලී යන ප්‍රදේශවල මෙම නිවාස ඉදිකර තිබේ. නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන්නේ, ශ්‍රී ලංකා යුද හමුදාවයි. විවිධ දානපතියන්ගේ ලද පරිත්‍යාග හරහා ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකසා ගැනීම සිදු වේ.