'Mr.Universe Noble King' කිරුළ දිලුකට

Mr. Universe Noble King 2019 කිරුළ දිලුක රාජපක්ෂට

by Staff writer 17-12-2019 | 7:12 PM

COLOMBO ( News 1st ) - පිලිපීනයේදී පැවති 'Mr. Universe Noble King 2019' තරගයේදී එම කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිලුක රාජපක්ෂ සමත් විය.

තරගය පිලිපීනයේ, මැනිලා නුවරදී පසුගිය 15 වනදා පැවැත්විණ. 26 හැවිරිදි දිලුක රාජපක්ෂ මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයේ නිරත ව සිටී. රටවල් 25ක් එම කිරුළ වෙනුවෙන් තරග වැදී ඇති අතර අවසන් මහා තරගයට රටවල් 15ක් තේරී පත්විය. ඒ, අතර අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය, යුක්රේනය ඇතුළු රටවල් කිහිපයක් ද අයත් ය. එමෙන්ම අනුඛණ්ඩයක්ව පැවති ටැලන්ට් රවුන්ඩ් වටයෙන් ජයග්‍රහණය කිරීමට ද දිලුක රාජපක්ෂ සමත් විය. ඒ, ශ්‍රී ලංකාවේ පාරම්පරික අංගම්පුර සටන් කලාවේ ගින්දර සමග අංගයක් ඉදිරිපත් කිරීමෙනි. තරගයේ ජාතික අධ්‍යක්ෂක, නිල පුහුණුකරු හා නිල නර්තන අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත්තේ රුක්මල් සේනානායක මහතා ය. 'Mr. Universe Noble King ' කිරුළක් ශ්‍රී ලංකාව දිනා ගත් පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.