ඩෙංගු මාරයාට බිලි වූ 5 හැවිරිදි මල් කැකුළ

පුත්තලම රෝහලේ හෙදියකගේ දරුවෙකුත් ඩෙංගු මාරයාට බිලිවෙයි

by Staff writer 17-12-2019 | 10:44 PM

COLOMBO ( News 1st ) - මේ මාසයේ ගෙවුණු දින 16 තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව 6,721කි.

ඒ, අතර මරණ කිහිපයක් ද වාර්තා විය. එහි ආසන්නතම මරණය පුත්තලම, මාම්පුරියෙන් අද වාර්තා විය. පවුලේ 5 හැවිරිදි නිවුන් දරුවන්ගේ වැඩිමලා වූ ජෙරන්ෂාන් උණ රෝගය උත්සන්න වීම හේතුවෙන් මීට සති 2කට පමණ පෙර පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරිණි. දින 2කට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට පුංචි ජෙරන්ෂාන් මාරු කර එවූ අතර ඔහු එතැන් සිට ප්‍රතිකාර ලැබුවේ දැඩි සත්කාර ඒකකයේ ය. නමුත්, ඩෙංගු පරදන්නට ජෙරන්ෂාන්ට හැකි වූයේ නැත. පුත්තලම මූලික රෝහලේ හෙදියක් වූ සිය මවත්, නිවුන් සොයුරාත්, පියාත් මෙලොව තනිකර පුංචි ජෙරන්ෂාන් අවසන් ගමන් ගියේ ඩෙංගු මර්ධනයේ වැදගත්කම යළි යළිත් සිහිපත් කරමිනි.