ප්‍රදේශ කිහිපයකට තද වැසි

ප්‍රදේශ කිහිපයකට තද වැසි - කාලගුණයෙන් අනාවැකි

by Staff writer 17-12-2019 | 4:56 PM

COLOMBO ( News 1st ) - දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර හා ඌව පළාත්වලත් හා පොලොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් එලෙස මිලිමිටර් 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කරන බව ය. සබරගමුව හා බස්නාහිර පළාත්වලට මෙන්ම නුවරඑළිය හා ගාල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එසේම උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි ය.