පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකකම භාර ගන්නේ නෑ

පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය භාර ගන්නේ නැහැ - සජිත් අවධාරණය කරයි

by Staff writer 17-12-2019 | 10:01 PM
 

COLOMBO ( News 1st ) - එක්සත් ජාතික පක්ෂ නායකත්වය නොමැතිව ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ, කෝට්ටේ ප්‍රදේශයේ පැවති මැතිවරණයට සහය දැක් වූ ජනතාවට ස්තුති පල කිරීමේ ජන හමුවකට එක්වෙමින් ය. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස
මට අහන්නට ලැබුණා විවිධ කොටස්වලින් මාධ්‍යවලින් මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය ලබා දෙනවයි කියන කාරණය. ඇත්ත වශයෙන්ම මම හිටපු ස්ථාවරය තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් පක්ෂ නායකත්වයත් සමගයි ඉදිරිපත් විය යුත්තේ කියන මතයේ හිටපු පුද්ගලයෙක්. එනමුත් ජනතාවගේ පාක්ෂිකයින්ගේ බලවත් ඉල්ලීම පරිදි කොන්දේසි දේශපාලනය ක්‍රියාත්මක නොකොට පක්ෂයේ සහ පාක්ෂිකයින්ගේ සහ පෙරමුණේ සාමාජිකයින්ගෙන් රටේ ජනතාවගේ ඉල්ලීම මත මට ඉදිරිපත් වන්නට සිදු වුණා . පක්ෂ නායකත්වයකින් බැහැරව මොනවා ආකාරයකින්වත් අගමැති අපේක්ෂකයා වන්නට මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. අගමැති අපේක්ෂක යැයි කියන ඒ තනතුරු තානාන්තර මට වැදගත් වන්නේ නෑ. මට වැදගත් වන්නේ පාක්ෂිකයින් රැකගෙන පාක්ෂිකයින් ආරක්ෂා කරගෙන බෙදෙන්නේ නැතිව කැඩෙන්නේ නැතුව එකමුතුවෙලා ජයග්‍රාහී ඉදිරි ගමනක් යාමයි.