ජම්පටාවීදියේදී හෙරොයින් සමග සැකකරුවෙක් අල්ලයි

ජම්පටාවීදියේදී හෙරොයින් කිලෝ 1ක් සමග සැකකරුවෙක් අල්ලයි

by Staff writer 17-12-2019 | 6:01 AM
COLOMBO (News 1st) : ජම්පටාවීදිය ප්‍රදේශයේදී කිලෝග්‍රෑමයකට අධික හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු මෙම මත්කුඩු තොගය රැගෙන ගමන් කරමින් සිටියදී ලැබුණු තොරතුරක් මත කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි. සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේ ය.