උඩුනුවර සහ හඟුරන්කෙත අයවැය පරාදයි

එජාපයට බලය හිමි උඩුනුවර සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවන්හි අයවැය පරාදයි

by Staff writer 17-12-2019 | 5:06 PM

COLOMBO ( News 1st ) - එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවන්හි අයවැය අද පරාජයට පත්විය.

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ දෙවන වර කියවීම අද සිදු කෙරුණේ සභාපති ගාමිණී තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අයවැයට පක්ෂව ජන්ද 14ක් ලැබුණු අතර විපක්ෂව ජන්ද 20ක් ලැබුණි. ඒ, අනුව වැඩි ජන්ද 6කින් එම අයවැය පරාජයට පත්විය. මේ අතර හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ අයවැය පළමුවර කියවීම අද සිදු කෙරිණි. එහිදී අයවැයට පක්ෂව ජන්ද 13ක් සහ විපක්ෂය ජන්ද 29ක් ලැබුණු අතර අයවැය පරාජය වුයේ වැඩි ජන්ද 16කිනි.