by Staff writer 17-12-2019 | 8:03 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් සිදු කෙරන පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාවලිය විවේචනයට ලක් කරමින් ස්විට්ස්ටර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, අසත්‍ය ප්‍රකාශ ලබා දුන් බවට චෝදනා කරමින් ස්විටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රඳවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසු වන බවයි.
මෙම කාරණාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙරට නීතියට හා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අදාළ නිලධාරිනියගේ පුද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරිම හා සහතික කිරිම මෙරට අධිකරණය සතු වගකිමක් බව ද අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ.
අදාළ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය වෙනුවෙන් තමන් දිගටම පෙනී සිටින බවත් ඇය වෙනුවෙන් කළ හැකි උපරිමය සිදු කරන බවත් ඔවුහු පෙන්වා දෙති.
ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිය අවදානමකට ලක්ව ඇති මෙහොතක අදාළ නිලධාරිනියගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවාධානයක් යොමු කරන ලෙස අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ.
මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා මධ්‍යස්ථ හා ඵලදායි මාර්ගයක් අපේක්ෂා කරන බව ද එහි සඳහන් ය.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ ඊයේ ශ්‍රී ලංකාවේ ස්විට්ස්ටර්ලන්ත තානාපතිවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමූවී මේ බව සාකච්ඡා කළ බවයි.