by Staff writer 16-12-2019 | 12:19 PM
COLOMBO (News 1st) : අශෝක් පතිරගේ මහතා ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
සොෆ්ට්ලොජික් හෝල්ඩින් පී.එල්.සී සමාගමේ සභාපතිවරා වන අශෝක් පතිරගේ මහතා සැලකෙන්නේ, මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු ලෙසයි.
රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස අශෝක පතිරගේ මහතා පත්කර ඇති බවයි.
ඒ අනුව තමා ධූරයේ වැඩ භාරගත් බව අශෝක් පතිරගේ මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.