සුදු වෑන් ගැන රාජිත සමග අදහස් පළ කළ දෙදෙනා රිමාන්ඩ්

by Staff writer 16-12-2019 | 9:34 PM

COLOMBO (News 1st) - සුදු වෑන් මගින් පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් වෛද්‍ය රාජිත සේනාරත්න සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළ පුද්ගලයින් දෙදෙනා අද රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්‍ර්තාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සරත් කුමාර සහ සංජීව මදනායක යන මෙම සැකකරුවන් දෙදෙනා අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන පැය 72 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශනය කළ බවයි. ඉදිරි විමර්ශන දණ්ඩ නීති සංග්‍රහය යටතේ ක්‍රියාත්මක කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.