සියලු බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට සූදානමක්

සියලු බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට සූදානමක්

by Staff writer 16-12-2019 | 5:36 PM

COLOMBO (News 1st) - පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේදී පහළ දැමීමට අපේක්ෂා කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රුපියල් 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර කිරීමට රජය ගත් තීරණයෙහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අරමුණෙන් එය සිදු කරන බවයි. මුදල් අමාත්‍යාංශය අද නිවේදනය කළේ, ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයට රුපියල් 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇති බවයි. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් දෙසැම්බර් 14 වැනි දා සිට මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වේ.