ස්විස් තනාපති නිලධාරිනිය වෛද්‍ය පරීක්ෂණයකට

ස්විස් තනාපති නිලධාරිනිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට

by Staff writer 16-12-2019 | 10:33 AM
COLOMBO (News 1st) : කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා ය. ඒ, තවදුරටත් ප්‍රකාශ ලබා දීම සඳහායි. ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමුකර තිබේ. පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය විදේශගත වීම වැළැක්වීමේ නියෝගය හෙටින් අවසන්වීමට නියමිතයි. https://www.facebook.com/NewsfirstSL/videos/2450708368359868/