විලච්චියේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

විලච්චියේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

by Sagarika Chathumali 16-12-2019 | 1:50 PM
COLOMBO (News 1st) : විලච්චිය, සූරියදමන ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, පැල් රකිමින් සිටින අතරතුර ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, 51 හැවිරිදි පුද්ගලයෙකි.