මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දුට රට යන්න අවසර

මහින්දානන්ද අලුත්ගමගේට හා නලින් ප්‍රනාන්දුට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර

by Staff writer 16-12-2019 | 4:50 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට විදෙස් ගතවීම සඳහා අධිකරණය අද අවසර ලබා දී තිබේ.

ඒ, එම විත්තිකරුවන් බස්නාහිර පළාත්බද දෙවන ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හෙට සිට ලබන 28 වැනි දා දක්වා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පුරුව බලා යාමට අධිකරණය අවසර ලබා දුන්නේ ය. සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට ලබන 25 වැනි දා සිට ජනවාරි 7 වැනි දා දක්වා කාලය තුළ එංගලන්තය බලා යාමට ද අධිකරණය අද අවසර ලබා දී තිබේ. ඔවුන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ, 2015 ජනාධිපතිවරණ සමයේදී පාසල් අතර බෙදා දෙන බව පවසා ගෙන් වූ කැරම් හා දාම් බෝඩ් වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම මගින් රජයට රුපියල් කෝටි 5 කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙනි.