වරෙන්තුකරුවන් 340 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 340 ක් අත්අඩංගුවට

by Staff writer 16-12-2019 | 6:26 AM
COLOMBO (News 1st) : බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර පොලීසිය හා අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 197 දෙනෙක් හා දින වරෙන්තුකරුවන් 143 දෙනෙක් ද වෙති. මෙම විශේෂ මෙහෙයුම ඊයේ ක්‍රියාත්මක කෙරුණේ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මග පෙන්වීම මතයි. අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් අද දිනයේ අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.