තිරිඟු පිටි තීරුබද්ද ඉවතට

තිරිඟු පිටි තීරුබද්ද ඉවතට

by Staff writer 16-12-2019 | 1:46 PM
COLOMBO (News 1st) : ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවති රුපියල් 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර තිබේ. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ඒ වෙනුවට කිලෝග්‍රෑමයට රුපියල් 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇති බවයි. මුදල් අමාත්‍ය , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් දෙසැම්බර් 14 වන දා සිට මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිභෝජනය සඳහා වන තිරිඟු පිටි අවශ්‍යතාවට තිරිඟු ඇට ආනයනය කර දේශීය වශයෙන් පිටි බවට පත්කිරීම මෙතෙක් සිදුවිය.