ඩෙංගු පාලනය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ඩෙංගු පාලනයට කඩිනම් පියවර ගන්නැයි ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස්

by Staff writer 16-12-2019 | 5:07 PM

COLOMBO (News 1st) - දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද දහවල් මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග පැවති සාකච්ඡාවකදීයි. මෙහිදී සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් ජනාධිපතිතුමාගෙන් විමසූහ. මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කළ ජනාධිපතිතුමා කියා සිටියේ, දැනටමත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරියට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.