එළවළු මිළ යළි ඉහළ නගී

එළවළු මිළ යළි ඉහළ නගී

by Staff writer 16-12-2019 | 7:24 AM
COLOMBO (News 1st) : වර්ෂාවත් සමග එළවළු මිළ ගණන් 50% කින් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය පවසයි. එලෙස වැඩි වී තිබෙන්නේ ලික්ස්, කැරට්, බීට්, බෝංචි, බණ්ඩක්කා, මෑකරල් , කරවිල , පතොල, බටු ඇතුළු එළවලු වර්ග කිහිපයක මිළයි. දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පැවසුවේ වර්ෂාවත් සමග බොහෝ ප්‍රදේශවල එළවළු වගාවට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි. වට්ටක්කා , කැකිරි , පිපිඤ්ඤා, අමුමිරිස් තවදුරටත් සාමාන්‍ය මිලගණන්වලට අලෙවි වේ. කෙසේ වෙතත් ගොවින් පවසන්නේ තමන්ගේ එළවළු සඳහා හොඳ මිලක් ලැබුණ ද අස්වැන්න අඩු වී ඇති බවයි.