ජනපති කොමිසමේ අතුරු වාර්තාව මේ සතියේ

අප්‍රේල් 21 ප්‍රහාරය: ජනපති කොමිසමේ අතුරු වාර්තාව මේ සතියේ

by Staff writer 16-12-2019 | 8:45 AM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනපති කොමිසමේ අතුරු වාර්තාව මේ සතිය තුළ නිකුත් කිරීමට නියමිතව තිබේ. එම කොමිසමේ ලේකම් එච්. එම්. බී. පී. හේරත් මහතා පැවසුවේ එම අතුරු වාර්තාව ලබන බ්‍රහස්පතින්දාට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි. අප්‍රේල් 21 ක ප්‍රහාරයට අදාළව මේ වන විට පුද්ගලයින් 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇතැයි ඔහු සඳහන් කළේ ය. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා පත්කළ කොමිසම සඳහා මහජන පැමිණිලි 65 කට අධික සංඛ්‍යාවක් ලැබී ලැබී තිබිණ. අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර, වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනපති කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ අභීයාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු මහත්වරුන් හා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.ආර්.අධිකාරි මහත්මියයයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සැප්තැම්බර් මස 22 වැනිදා මෙම පංච පුද්ගල කොමිසම පත් කරනු ලැබී ය.