ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය අදත් CIDය හමුවට

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය අදත් CIDය හමුවට

by Staff writer 15-12-2019 | 6:40 AM
COLOMBO (News 1st) : කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. අනතුරුව ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම කාන්තාව පෙරේදා පස් වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා ය.