විදුලි බල වංචාවලට තිත තියන්න - නව ඇමතිගෙනුත් පාරිභෝගිකයන් ඉල්ලයි

by Staff writer 15-12-2019 | 8:55 PM

COLOMBO (News 1st) - විදුලිය පරිභෝජනය කරන්නන්ගේ සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

විදුලිය පරිභෝජනය කරන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, සංජීව ධම්මික,
ඉංජිනේරුවන්ට විතරක් සීයට සීයක වැටුප් වැඩිවීමක් කළ කෝටි 6 ක පාඩුවක් සිදු කළා. පුනර්ජනනීය බලාගාර ඉදි කරන්න අවස්ථාව නොදී ඒවට මේ ඉංජිනේරු සංගම් ඉඳගන්නේ නැතුව ඩීසල් මාෆියාවට අහුවෙලා හැමතිස්සෙම කටයුතු කරනවා. ඒ නිසා අපි අලුත් ඇමතිවරයාට කියන්නේ මේ ගැන හොයා බලන්න. පහුගිය අවුරුදු 5තුළ ක්‍රියාත්මක නොකරපු මේ සාමාන්‍යාධිකාරී සහ හිටපු සභාපතිවරයා මේවට වගකියන්න ඕනේ. ඒඩීබී ආධාර යටතේ ආවා 2018 ඩො.මි 50 කට දුප්පත් දුගී නිවෙස්වලට මේ සූර්ය කෝෂ ගහන්න මුදල් එතකොට ඒ ටිකවත් ගිය රජය ක්‍රියාත්මක කළේ නෑ. ඇයි එතන මෙගා වොට් 60ක් වැඩි වෙනවා. 60ක් වැඩි වෙනවා කියන්නේ අර ඩීසල් මාෆියාවේ බලාගාර එකකක් වහන්න වෙනවා. අලුතෙන් ආපු ඇමතිවරයටත් බිල්ලෙක් මවලා පෙන්නනවා මේගොල්ලෝ මෙන්න ඇමතිතුමා විදුලිය නැති වෙනවා ටක්ගාලා ගන්න ඕනෙ. අපි කියන්නේ මෙවට අහු වෙන්න එපා.
මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද මහනුවරදී සිය අමාත්‍යංශය පිළිබඳව අදහස් පළ කළේ ය. ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය, මහින්ද අමරවීර,
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විතරක් අවුරැද්දේ පාඩුව කෝටි 8000ක්. 19ක් ආයතන තියෙනවා මේ අමාත්‍යංශයට. ආයතනවලින් වැඩි ප්‍රමාණයක් පාඩුවට යන්නේ. පාඩු ලැබීමට සමහරක් ඒවට සාධාරණ හේතුත් තියෙනවා. විදුලි මණ්ඩලය බැලුවොතින් විදුලි ඒකකය නිෂ්පාදනය කරන්න රු. 23 කට පොඩ්ඩක් වැඩියෙන් යනවා. නමුත් ඒවා අඩු ආදායම් ලාභීන්ට ලබා දේනනේ රු 2.60 ගානේ. නාස්තිය, වංචාව දූෂණය ඒ වගේම නිසි වේලාවට විදුලි බලාගාර ඇති නොකිරීම. ඒ වගේ හේතු තියෙනවා අපි දේශපාලනඥයෝ වගේම නිලධාරීනුත් මේවට වග කියන්න ඕනේ. ඒ නිසා ඉදිරි දවස්වල වහාම අපේ විදුලි බලාගාර ආරම්භ කිරීමේ කටයුතු කරනවා. LNG බලාගාරත් හදනවා.