වනඅලි තර්ජන පාලනය කිරීමට නව නිලධාරීන් 400ක්

වනඅලි තර්ජන පාලනය කිරීමට නව නිලධාරීන් 400ක්

by Staff writer 15-12-2019 | 1:55 PM
COLOMBO (News 1st) : වනඅලි තර්ජන පාලනය කිරීම සඳහා නව නිලධාරීන් 400 දෙනෙකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේ, ගම්වදින වනඅලින් පාලනය කිරීමට සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් 2000 ක් යොදා ගැනීමට කටයුතු ඇති බවයි. ඉදිරියේදී 1992 දුරකථන අංකය යටතේ වනඅලි තර්ජන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා පැවසී ය. අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අලි වැට ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් මැදිරි 460 ක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇති බව ද වනජීව සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.