by Staff writer 15-12-2019 | 3:43 PM
COLOMBO (News 1st) - මාතලේ ප්‍රදේශයේදී අලි පළවා හැරීමේ මෙහෙයුමක් අතරතුර වන අලියෙකු පහරදීමෙන් වනජීවි නිලධාරියෙකු මිය ගොස් තිබේ.
මාතලේ, රජ්ජම්මන වනජීවි කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පෙරවරුවේ එම අනතුර සිදු වූ බවයි.
මිය ගොස් ඇත්තේ, 39 හැවිරිදි මෛත්‍රි වික්‍රමසිංහ නැමැති අයෙකි.
ඔහු, මාතලේ, රජ්ජම්මන වනජීවි කාර්යාලයට අනියුක්තව සේවය කළ අයෙකි.
මෘත ශරීරය මාතලේ රෝහලේ තැන්පත් කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.