මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදයට ගිය 15ක් දැලේ

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය 15ක් අත්අඩංගුවට

by Staff writer 15-12-2019 | 4:23 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙකු හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිණිගත්හේන, දියගල ප්‍රදේශයේ කළ මෙහෙයුම්වලදීය. සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා, අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, මාතර, කොළඹ හා කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 - 25ත් අතර වසයේ පසුවන තරුණයින් වේ.