මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මැග්නිටියුඩ් ඒකක 6.8 ක භූ කම්පනයක්

by Staff writer 15-12-2019 | 4:36 PM

News 1st - පිලිපීනයේ, මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.8 ක් ලෙස සටහන් වූ බවයි. ඉන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැත. භූ කම්පනයේ ප්‍රබලත්වය ඉන්දුනීසියාවේ සහ මලයාසියාවේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී ඇතැයි සඳහන් වේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙවැනිම ප්‍රබල භූ කම්පනයකින් පිලිපීනයේ පුද්ගලයින් 5 දෙනෙකු පමණ මිය ගියහ.