ඩ්‍රෝන යානා පිළිබඳ දීප ව්‍යාප්ත සංගණනයක්

ඩ්‍රෝන යානා පිළිබඳ දීප ව්‍යාප්ත සංගණනයක්

by Staff writer 15-12-2019 | 1:34 PM
COLOMBO (News 1st) : ඩ්‍රෝන යානා පිළිබඳ දීප ව්‍යාප්ත සංගණනයක් ආරම්භ කර ඇතැයි, සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එහි පළමු අදියර ආරම්භ කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි. එහිදී සියලු ඩ්‍රෝන යානා සඳහා ලියාපදිංචි අංකයක් ලබාදෙනු ඇති. එම සංගණනයේදී ලබාගන්නා දත්ත මත පදනම්ව ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට අදාළ නව රෙගුලාසී සැලසුම් කිරීමට නියමිතයි. මේ අතර ඩ්‍රෝන යානා සඳහා පැනවූ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. ඉදිරියේදී එම සීමා ලිහිල් කිරීම සඳහා සාකච්ඡා කරමින් ඇතැයි ද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ය.