කෘත්‍රිම රා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම තහනම්

කෘත්‍රිම රා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම තහනම්

by Staff writer 15-12-2019 | 1:21 PM
COLOMBO (News 1st) : කෘත්‍රිම රා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුදැනුම මත මෙම තහනම පනවා ඇති බවයි. මේ පිළිබඳව සුරාබදු නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව ද ඔහු පැවසී ය. මේ අතර ඉදිරි උත්සව සමයේ සුරාබදු බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් ඇතුළු මත්පැන් සැපයීමේ සමස්ත ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ සඳහා සුරාබදු නිලධාරීන් 900 දෙනෙකු දිවයින පුරා අනුයුක්ත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පසුගිය 11 වන දා ආරම්භ කළ එම වැටලීම් ලබන වසරේ ජනවාරි මස 05 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.