කටුපොල් වගාවට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

by Staff writer 15-12-2019 | 9:26 PM

COLOMBO (News 1st) - කටුපොල් වගාවට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ක්‍රියාත්මක විය.

ඔවුන් චෝදනා කරන්නේ, වතු පාලකයන් විසින් තවමත් කටුපොල් වගාව පවත්වාගෙන යන බවයි. මෙම විරෝධතාව අද පැවැත්වුණේ, රුවන්වැල්ල - නිට්ටඹුව මාර්ගයේ වාකුළ ප්‍රදේශයේදී යි. පැයකට අධික කාලයක් පැවති විරෝධතාව හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල විය. කටුපොල් වගාවේ නිරත වන්නන්ට නීතිය ක්‍රියාත්මක කරන බවට පොලීසිය ලබාදුන් පොරොන්දුවක් සමග පිරිස විසිර ගියහ. මේ අතර කටුපොල් වගාවට විරෝධය පළ කරමින් ඊයේ දෙහිඕවිට ජන සුරැකීමේ සංවිධානය සහ ප්‍රදේශවාසින් එක්ව අවිස්සාවෙල්ල - හැටන් මාර්ගය තල්දුව නගරය ආසන්නයෙන් අවහිර කරමින් විරෝධතාවක් පැවැත්විය.