ආනයනික පළතුරු සහ එළවළුවලට බදු පැනවිමේ සුදානමක්

ආනයනික පළතුරු සහ එළවළුවලට බදු පැනවිමේ සුදානමක්

by Staff writer 15-12-2019 | 9:26 AM
COLOMBO (News 1st) : දේශීය ‍ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිරියේදී ආනයනික පළතුරු සහ එළවළු සඳහා බදු පැනවීමට අවධානය යොමු වී ඇතැයි, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. මෙරට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් සීනි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය නොවන පළතුරු සහ එළවළු ආනයනය සඳහා ද වැය යව බව ද අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව ක්‍රමානුකූලව නිෂ්පාදනය වැඩි කරමින් ආනයනය අධෛර්මත් කිරීමට අවශ්‍ය පියවර ගැනෙනු ඇති. මේ අතර කාණ්ඩ 5000කට ආසන්න ප්‍රමාණයක් යටතේ මෙරටට විවිධ භාණ්ඩ ආනයනය කරන බවත් ඉන් අතිවිශාල ප්‍රමාණයක් අත්‍යවශ්‍ය නොවන බවට හඳුනාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.