අබීඩ් අලීගෙන් වාර්තාවක්...

අබීඩ් අලීගෙන් වාර්තාවක්: ශ්‍රී ලංකා පකිස්ථාන පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

by Staff writer 15-12-2019 | 5:37 PM

News 1st - සිය මංගල ටෙස්ට් තරගයේදී සහ එක්දින ක්‍රිකට් තරගයේදී ශතකයක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස පකිස්ථාන ආරම්භක පිතිකරු අබීඩ් අලී අද වාර්තා අතරට එක් විය.

ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කරමිනි. කෙසේ නමුත් මෙම තරගය ජය පරාජයෙන් තොරව අද අවසන් විය. වසර 10 ක ටෙස්ට් ක්‍රිකට් විරාමයට තිත තබමින් පකිස්ථානයේදී පැවැති පළමු තරගය ලෙස මෙය ඉතිහාසයට එක් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටවූවේ පන්දුවාර 97 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් රැස් කරගෙන සිටියදී ය. තරගය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පකිස්ථානය කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 252 කි.