by Staff writer 15-12-2019 | 7:38 AM
COLOMBO (News 1st) : සුගතදාස ක්‍රීඩාංගණ පාලනාධිකාරියට එරෙහිව කොළඹ මහනගර සභාව නඩු පවරා තිබේ.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පැවසුවේ, සුගතදාස ක්‍රීඩංගණයෙන් මදුරු කීටයන් හමුවීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරූ බවයි.
කොළඹ මහා නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩාමක් කළ පරීක්ෂාවකදී මදුරු කීටයන් සිටින ස්ථාන සොයා ගැනිණ.
සුගතදාස ක්‍රිඩාංගණය එලෙස පරීක්ෂාවට ලක් කෙරුණේ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නේපාලයට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ඩෙංගු වැලදීමෙන් රෝහල්ගත කිරීමත් සමගයි.
ඒ ක්‍රීඩා උළෙලට යාමට පෙර ඔවුන් සුගතදාස ක්‍රීඩංගණ නේවාසිකාගාරයේ රැඳී සිටීම හේතුවෙනි.
මේ අතර කොළඹ නගරයේ ඇති ක්‍රීඩාංගණ, ක්‍රීඩා සංකීර්ණ සහ ක්‍රීඩා සමාජ, 23ක් කොළඹ මහ නගර සභාව හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසි පරීක්ෂාවකට ලක්කරනු ලැබ තිබේ.
රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, මදුරුවන් බෝ විය හැකි පරිදි පවත්වාගෙන ගිය ස්ථාන 04කට එහිදී රතු නිවේදන නිකුත් කළ බවයි.