පාතාල ක්‍රියාකාරීන් 22 ක් STF අත්අඩංගුවට

ජනපතිවරණ සමයෙන් පසු පාතාල ක්‍රියාකාරීන් 22 ක් STF අත්අඩංගුවට

by Staff writer 15-12-2019 | 7:19 AM
COLOMBO (News 1st) : ජනාධිපතිවරණ සමයෙන් අනතුරුව ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 22 කු අත්අංඩගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. පොලීසිය පැවසුවේ, පසුගිය නොවැම්බර් 19 වැනිදා සිට මේ දක්වා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම් වැනි සිද්ධිවලට සම්බන්ධ පාතාල ක්‍රියාකාරීන් බවයි. ඉන් වැඩිදෙනෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කා සහ ඌරු ජුවා යන අයගේ සහයකින් ය. හිඹුටාන, අංගොඩ, රනාල, ජල්තර හා හංවැල්ල ඇතුළු ප්‍රදේශවල ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. මෙම අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමත් සමග කප්පම් ගැනීම් වැනි අපරාධ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල අඩුවීමක් ඇතැයි, පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මෙම සැකකරුවන් බන්ධනාගාරයේ සිට පිටතට ඇමතුම් ලබාදුන් බවට ලද තොරතුරු ඔස්සේ විමර්ශනය කරන බව පොලීසිය සඳහන් කළේ ය.