හිටපු ජනපති ශ්‍රීලප පාක්ෂිකයින් හමුවෙයි

හිටපු ජනපති පොළොන්නරුවේදී ශ්‍රීලප පාක්ෂිකයින් හමුවෙයි

by Staff writer 14-12-2019 | 6:17 PM
COLOMBO (News 1st) : හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් හමුවිය. මෙම හමුව පැවැත්වුණේ බැඳිවැව මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදීයි. මෙහිදී නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ය. ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පක්ෂය සූදානම් කිරීම සහ පක්ෂ අනන්‍යතාව සහිතව පාක්ෂිකයන්ගේ අපේක්ෂා මුදුන්පමුණුවා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ. මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කය මුල්කරගනිමින් රටේ ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තමන් නායකත්වය දෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.