සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට ආ දෙදෙනා රඳවා ගැනේ

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට ආ දෙදෙනා පැය 72ක් රඳවා ගැනේ

by Staff writer 14-12-2019 | 10:15 PM
COLOMBO (News 1st) : සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධි පිළිබඳව පසුගියදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළ පුද්ගලයින් දෙදෙනා, රඳවා ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි. සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත ඔවුන් දෙදෙනා පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව සඳහන් කළේ ය. ඔවුන් ලබන සඳුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙම පුද්ගලයින් දෙදෙනා අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වුයේ එවක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමගිනි. අප කළ විමසීමකදී සේනාරත්න මහතා පැවසූවේ, සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන්නේ නම් තමා ඊට සහය ලබා දෙන බවයි.