සාග් ක්‍රීඩා උළෙලේදී ඩෙංගු වැළඳුණු ජානක දිවයිනට

සාග් ක්‍රීඩා උළෙලේදී ඩෙංගු වැළඳුණු ජානක තුෂාර දිවයිනට

by Staff writer 14-12-2019 | 10:24 AM

COLOMBO (News 1st): නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අතරතුර ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් එරට රෝහලක ප්‍රතිකාර ලැබූ ජානක තුෂාර බන්දුල ක්‍රීඩකයා අද අලුයම යළි දිවයිනට පැමිණියේය.

ක්‍රීඩා උළෙලට එක් වූ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියද බදාදා රාත්‍රියේ මෙරටට පැමිණිය ද ජානකට තව දුරටත් රෝහල්ගතව සිටීමට සිදු වූයේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙනි. ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා සහ පුහුණුකරු කිංග්ස්ලි ගුණතිලක මහතා ඔහු සමග රැඳී සිටියේය. අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළිකන් දිවයිනට පැමිණි ජානක සිය ගම් ප්‍රදේශය වන කුරුණෑගල බලා පිටත් විය.