රාත්‍රී 8 සිට කොළඹට පැය 24 ක ජල කප්පාදුවක්

රාත්‍රී 8 සිට කොළඹට පැය 24 ක ජල කප්පාදුවක්

by Staff writer 14-12-2019 | 8:48 PM
COLOMBO (News 1st) : කොළඹ 5 සහ 6 හැර අනෙක් සියලු ප්‍රදේශවලට අද රාත්‍රි 8 සිට හෙට රාත්‍රි 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම කාල සීමාව තුළ කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබාදෙනු ඇති. ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇත්තේ, අඹතලේ සිට මාළිඟාකන්දට ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීමකි. කොළඹ නගර සභාවේ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කැණීම් කරමින් සිටියදී එම නළ මාර්ගයට හානි වී තිබේ. අද රාත්‍රීයේ සිට කොළඹට ජල සැපයුම අත්හිටුවන්නේ නළය අලුත්වැඩියා කිරීම සඳහායි.