ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කෙරේ

මහ වැසි සමග ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කෙරේ

by Staff writer 14-12-2019 | 9:05 AM

COLOMBO (News 1st): කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇඳහැලෙන අධික වර්ෂාවත් සමග, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ, පිළිබඳ විමසිලිමත් වන්නැයි ජලාශය පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙන්නේය. මේ අතර සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.