රාජිත සමග සුදු වෑන් ගැන කතා කළ දෙදෙනා දැලේ

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට ආ දෙදෙනා අත්අඩංගුවට: ස්වාධීන පරීක්ෂණයකට සහය දෙන බව රාජිත කියයි

by Staff writer 14-12-2019 | 8:30 AM
Update: සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධි පිළිබඳ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙම පුද්ගලයින් දෙදෙනා අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූයේ එවකට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමගයි. දැනට මේ සම්බන්ධයෙන් විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අප කළ විමසීමකදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූවේ, සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන්නේ නම් තමාට ඊට සහය ලබා දෙන බවයි. .......................................................................................................................................................................................

COLOMBO (News 1st): සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධි පිළිබඳ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළ පුද්ගලයින් දෙදෙනා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මොවුන් දෙදෙනා අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූයේ එවකට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමගිනි. දැනට මේ සම්බන්ධයෙන් විමර්ශන කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.