V-force බලකාය 7 වැනි ව්‍යාපෘතිය වෙනුවෙන් රත්නපුරට

කුඹුක් පැළ දහසක් සිටුවීමට ගම්මැද්ද V-force බලකාය රත්නපුරට

by Chathuranga Rajapaksha 14-12-2019 | 8:16 AM

COLOMBO (News 1st): ගම්මැද්ද V-force සංවිධානය කරනු ලබන 07 වැනි ව්‍යාපෘතිය අද රත්නපුර ප්‍රදේශයේදී ක්‍රියාත්මක වේ.

ඒ, අනුව V-force කණ්ඩායමේ සමාජිකයින්, අද දිනයේදී කළු ගඟ දෙපස කුඹුක් පැල දහසක් සිටුවීමට නියමිත ය. එම මෙහෙවර සිදු කරනු ලබන්නේ රත්නපුර, වරකාතොට පාලම අසල ප්‍රදේශයේය. ඒ වගේම තරුණ තරුණියන් රැසක් අප සමග එක්ව සිටින අතර විශ්වවිද්‍යාල V-force 7වන ව්‍යාපෘතිය සඳහා MAS ඉන්ටිමේට්ස් ආයතනය, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හරිත උදය සංවිධානය සහ ශ්‍රී ලංකා පොලීසිය අත්වැල් බැඳගෙන සිටීම විශේෂත්වයකි.