අගමැති කතරගම පුද බිමේ

අගමැති කතරගම පුද බිමේ

by Staff writer 14-12-2019 | 6:45 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කතරගම පුදබිමේදී ආගමික වතාවත්වල නිරත විය. කිරිවෙහෙර වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. ඉන් පසු අග්‍රාමාත්‍යවරයා පැමිණියේ කතරගම අෂ්ඨපල බෝධියටයි. මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ රුහුණු මහ කතරගම දෙවාලයට ද පැමිණ දේවාශිර්වාද ලබා ගත්තේ ය. අනතුරුව කතරගම ශ්‍රී අභිනවාරාම විහාස්ථානයට පැමිණි අගමැතිවරයා, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණ තිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. අනතුරුව රාජපක්ෂ මහතා කතරගම බස්නායක නිලමැදුර වෙත ගොස් වැඩ බලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා හමු විය.