English
தமிழ்
කර්තෘ Staff writer
14 Dec, 2019 | 12:02 pm
මෙම තත්ත්වය ගිය වසරට සාපේක්ෂව රෝගීන් 35,705ක ඉහළ යාමකි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ.
2018 වසරේ අදාළ කාලය තුළ වාර්තා වී තිබු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 51,659කි.
එම රෝගීන්ගෙන් 44.8% ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17,949කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 13,718 දෙනෙකු වාර්තා වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,698 ක් වේ.
මේ අතර මාතලේ නගරයේ ඩෙංගු මර්දනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ ක්‍රියාත්මක කෙරිණි.
අප වාර්තාකරු පැවසුවේ මාතලේ නගරාධිපති ඩල්ජීත් අලුවිහාරේ මහතා සහ මහනගර සභාවේ සේවක මණ්ඩලය ඊට එක්ව සිටි බව ය.
මාතලේ නගරාධිපති ඩල්ජීත් අලුවිහාරේ මහතා
මාතලේ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු හැදිච්ච ලෙඩ්ඩු මේ වනවිට 410 ක් ඉන්නවා. දෙදෙනෙක් මේ ප්‍රදේශයෙ මියගිහින් තියෙනවා කුඩා දරුවෙක් ඇතුලුව ඒ නිසා ඩෙංගු අවධානම පිළිබදව නිවෙස්වලට ගොස් ඒ පිළිබදව අවධානම් තත්ත්වය පිළිබදව දැනුවත් කරනවා.
මේ අතර කරවනැල්ල මූලික රෝහලේ අපජලය බැහැර කිරීම ක්‍රමවත් ලෙස සිදුනොවීම හේතුවෙන් ඩෙංගු රෝගය වැළදීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශවාසින් පවසයි.
ඔවුන් ප්‍රකාශ කළේ වසර 40 ක පමණ පැරණි වලකට අපජලය බැහැර කරන අතර, එහි ජලය උතුරා ඇල මාර්ගයක් ඔස්සේ ගොස් කැලණි ගඟට එක්වන බව ය.
මේ අතර ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ මුතුර්, කිලිවෙඩ්ඩි, සාම්පුර් ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 324 දෙනෙකු වාර්තා වී තිබේ.
පසුගිය අඟහරුවාදා තෝපුර් ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණියක ද ඩෙංගු රෝගය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්විය.
09 Jan, 2021 | 07:12 AM
18 Nov, 2020 | 12:47 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS