කසළ තේ සමග 3 දෙනෙකු STF දැලේ

කසළ තේ සමග 3 දෙනෙකු STF දැලේ

by Staff writer 13-12-2019 | 4:37 PM

COLOMBO ( News 1st ) - කසළ තේ තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු කඩුගන්නාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, එහිදී කසළ තේ කිලෝග්‍රෑම් 5000ක් සොයාගත් බව ය. ඒවා ප්‍රවාහනය කළ ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. කසළ තේ තොගය කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි බව ද පොලීසිය සඳහන් කළේය. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් කඩුගන්නාව පොලීසියට භාර දී තිබේ.