by Staff writer 13-12-2019 | 1:57 PM
COLOMBO (News 1st) : ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇතැයි, නීතිපති දෙපාර්තමේන්තුව අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ පෙත්සම් දෙක ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවීය.
එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අද අධිකරණයට දැනුම් දුන්නේ, එය අත්සන් කිරීමට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
මෙම පෙත්සම් යළි සලකා බැලීම ලබන වසරේ මාර්තු 25 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/461970638063888/