එචලන් නත්තල් කලාපය මෙවරත්

සිරස නිවුස් ෆස්ට් සංවිධානය කරන එචලන් නත්තල් කලාපය මෙවරත්

by Staff writer 13-12-2019 | 1:45 PM
COLOMBO (News 1st) : අසිරිමත් නත්තල වෙනුවෙන් සිරස නිවුස් ෆස්ට් වාර්ෂිකව සංවිධානය කරන එචලන් නත්තල් කලාපය මෙවරත් පැවැත්වේ. එචනලන් නත්තල් කලාපයට පැමිණෙන ඔබට දැක බලා ගැනීමට අංග රැසක් එක්කොට තිබේ. දිනපතා සවස 6 සිට සංගීත සදර්ශන පැවත්වෙන අතර අද ලහිරු පෙරේරා පුමුඛ වයිෆයි සංගීත කණ්ඩායම එක්වීමට නියමිතියි. එචනලන් නත්තල් කලාපයට පැමිණෙන ඔබට නිව්ස්ට් ෆෂ්ට් සජීවිව ප්‍රවෘත්ති විකාශනය වන ආකාරය දැක බලා ගැනිමට අවස්ථාව උදාකර තිබේ. මැජික් සංදර්ශන සංගිත සංදර්ශ සහ කුඩා ළමුන් වෙනුවෙන් කිඩ්ස් ෆස්ට් වෙතින් ද වැඩසටහන් රැසක් ඇතුළත් වේ. මෙන්ම පොඩ්ඩන්ට නත්තල් සීයාගෙන් තෑගි ලබා ගැනීමටත් අවස්ථාව සලසා දී තිබේ. ඊයේ ආරම්භ වූ නත්තල් කලාපය දෙසැම්බර් 24 වන දා දක්වා පැවත්වේ.