රත්නපුර පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වරුණට

රංජිත් සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට වරුණ ප්‍රියන්ත පත් කෙරේ

by Staff writer 13-12-2019 | 11:05 AM
COLOMBO (News 1st) : රත්නපුර දිස්ත්‍රික් පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පත් කර තිබේ. ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි. රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු එලෙස පත් කෙරිණ.