යාපනය,මුලතිව්,කිලිනොච්චිය සහ හම්බන්තොටට අදත් වැසි

යාපනය, මුලතිව්, කිලිනොච්චිය සහ හම්බන්තොටට අදත් වැසි

by Staff writer 13-12-2019 | 8:46 AM
COLOMBO (News 1st) : ඌව සහ නැගෙනහිර පළාත්වල සහ යාපනය, මුලතිව්, කිලිනොච්චිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව , බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි වේ. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.