පුරවැසිභාවය පිළිබඳ ඉන්දීය කෙටුම්පත නීතියක් වෙයි

පුරවැසිභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ඉන්දීය ජනපති අත්සන් තබයි

by Staff writer 13-12-2019 | 10:20 AM
COLOMBO (News 1st) : පුරවැසිභාවය පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පතට ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් අත්සන් කර තිබේ. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග එය පනතක් බවට පත්වූ බවයි. මේ යටතේ පාකිස්තාන, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ යන රටවල මුස්ලිම් නොවන සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය හිමිවනු ඇති. අදාළ පනත සංශෝධනය කෙරුණේ හින්දු, කිතුනු, සීක්, ජෛන, බෞද්ධ හා පර්සියන් යන ප්‍රජාවන් හයකට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීමේ අරමුණිනි. මේ අතර අදාළ පනතට එරෙහිව ක්‍රියාත්මක විරෝධතා අතරතුර පොලීසිය සමග ඇතිවූ ගැටුම්වලදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ගුවාති සහ දිබ්රූගර් ප්‍රදේශවලට පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මක වේ. ඇසෑම් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 10 ක අන්තර්ජාල සේවා සඳහා පැනවූ තහනම ද තවත් පැය 48 කින් දීර්ඝ කර ඇත්තේ අඛණ්ඩව ක්‍රියාත්මක විරෝධතා හේතුවෙනි.